යහපත් ලිංගික ජීවිතයක් ගත කිරීම


ලංකාවේ පවතින සමාජ වටපිටාව නිසා ප්‍රසිද්ධියේ පැවසීමට කැමති වුවත් යහපත් ලිංගික ජීවිතයක් යනු නිසි වයසට පැමිණි කාන්තා, පිරිමි මේ සියළු දෙනාගේම මූලික අවශ්‍යතාවක්. කෑම, බීම, හුස්ම ගැනීම වගේම අත්‍යාවශ්‍ය ඒ වගේම ඉතාම ස්වාභාවික අවශ්‍යතාවක්. යහපත් ලිංගික ජීවිතයක් ගතකිරීම මගින් සැලසෙන ප්‍රතිලාභ කිහිපයක් පහතින් දැක්වෙනවා.



1. මානසික ආතතිය සමනය වීම.

යහපත් ලිංගික ජීවිතයක් ගත කිරීම යනු මානසික ආතතිය සඳහා ඇති හොඳම විසඳුමක් ලෙසයි වෛද්‍යවරුන් පවසා සිටින්නේ. එමෙන්ම රුධිර පීඩනය නිසි මට්ටමේ තබා ගැනීමටත් එය උපකාරී වනවා.

2. යහපත් රුධිර පීඩන තත්වය.

අධි රුධිර පීඩනය හා මඳ රුධිර පීඩනය යන මේ තත්වයන් දෙකම ශරීර සෞඛ්‍යයට ඉතාම අහිතකර බව අමුතුවෙන් කිව යුතු නැහැ. කිරීටක ධමනිය ආශ්‍රිතව ඇතිවන අවහිරතා, හෘදයාබාධ, වකුගඩු ආබාධ මෙන්ම ආඝාතය යන රෝගාබාධ වලට මූලික හේතුවක් වන්නේද රුධිර පීඩනය නිසියාකාරව නොවීමයි. යහපත් ලිංගික ජීවිතයක් ගත කිරීමෙන් ඔබේ රුධිර පීඩනයද යහපත් මට්ටමක තබා ගත හැකියි.

3. ප්‍රතිශක්තිය වැඩිවීම.

පර්යේෂණ මගින් සොයාගෙන ඇති අන්තමට සතියකට වරක් දෙවරක් ලිංගිකව එක්වීම ඉමියුනෝග්ලෝබුලින් ඒ (immunoglobulin A/lgA) නම් ප්‍රතිදේහය කෙරෙහි සැලකිය යුතු ඉහල මට්ටමකින් බලපෑම් කරනවා. මෙහි ඇති වාසිය වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව සහ අනෙකුත් ආසාදන වලට එරෙහිව ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වීමයි.

4. ලිංගික එක්වීම යනු ව්‍යායාමයක්.

වෛද්‍යවරුන් පවසන අන්දමට ශරීරයේ ශක්තිමත් බව, නම්‍යශීලී බව, සමබරතාව මෙන්ම ඔබේ හෘදයේ යහපත් ක්‍රියාකාත්රීත්වය රැකගැනීමටත් ඔබේ ලිංගික ජීවිතය උපකාරී වනවා.

5. කැලරි දහනය වීම.

පර්යේෂණ මගින් සොයාගෙන ඇති ආකාරයට විනාඩි 30ක පමණ ආලිංගනයකින් ඔබේ සිරුරේ කැලරි 85කට වඩා දහනය වනවා.

6. යහපත් හෘද ක්‍රියාකාරීත්වය

රුධිර සංසරණය ක්‍රමවත් වීම නිසා හෘදයාබාධ මෙන්ම ආඝාතයෙන් වැළකීමේ ප්‍රතිලාභය ද යහපත් ලිංගික ජීවිතයක් හිමි ඔබට අත් වනවා.

7. යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට ලැබීම.

ඔබ සහ ඔබේ සහකරු/සහකාරිය අතර ඇති සම්බන්ධතාව වඩා යහපත් මට්ටමකට ගෙන ඒමේ එක් වැදගත් කරුණක් වන්නේ ඔබ දෙදෙනා අතර ඇති යහපත් ලිංගික ජීවිතයයි.

8. සුව නින්දක් ලබාගැනීමට හැකිවීම.


9. කාන්තාවන්ගේ ශ්‍රෝණි මේඛලාව ආශ්‍රිත පේශි සවිමත් වීම.


10. පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවදානම අවම වීම.


11. ආත්ම විශ්වාසය වර්ධනය වීම.


12. ඔක්සිටොසින් (oxytocin) හෙවත් ආදර හෝමෝනය

ලිංගිකව එක්වීමේදී මෙම හෝර්මෝනය ශ්‍රාවය වීම වැඩි වන නිසා ඒ තුලින් ඔබ හා ඔබේ සහකරු/සහකාරිය අතර වඩා සමීප බැඳීමක් ඇති වනවා. මෙම හෝර්මෝනය යහපත් හැඟීම් හා දැඩිව සම්බන්ධකම් දක්වන බව විද්‍යාඥයන් පවසනවා.


EmoticonEmoticon