කාමසූත්‍ර ග්‍රන්ථය පිලිබඳ බොහෝ දෙනා නොදන්නා දේවල්

                                                                               
වාත්ස්‍යායනයන් විසින් ක්‍රිස්තු පූර්ව 400 සහ 200 අතර කාලයේ රචනා කළ බව සැලකෙන ‘කාමසූත්‍ර’ ග්‍රන්ථය පිලිබඳ බොහෝ දෙනා සිටින්නේ ඉතාම වැරදි වැටහීමකයි. එනම් ඔවුන් සිතාගෙන සිටින්නේ මෙම ග්‍රන්ථයේ සම්පූර්ණයෙන්ම ඇත්තේ ලිංගික පහස පිලිබඳ ඇති කරුණු පමණක් බවයි.

එහෙත් එය සම්පූර්ණයෙන්ම මුසාවක්. කාන්තාවන්ට ගෞරව කළ යුතු බව, කුල ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම, සම ලිංගික සම්බන්ධතා වලට සමාන සැලකිලි ලබා දීම වැනි ඉතා වැදගත් කරුණු මේ ග්‍රන්ථයේ ඇතුලත් වෙනවා.

සංස්කෘත බසින් ලියැවුන කාම සූත්‍ර මුල් කෘතිය පළමු වරට රිචර්ඩ් ෆ්‍රැන්සිස් බර්ටන් (Richard Francis Burton) විසින් 1883 දී ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ අතර පසුව කාම සූත්‍ර කෘතිය සම්බන්ධයෙන් ලියැවුන බොහෝ ග්‍රන්ථ පාදක කර ගනු ලැබුවේ ඔහුගේ පරිවර්තනයයි.

කාම සූත්‍ර මුල් කෘතියේ අඩංගු කාන්තාවන්ට ගෞරව කිරීම සහ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලියැවුන ඇතැම් කොටස් බර්ටන්ගේ පරිවර්තනයේ අන්තර්ගත වන්නේ නැහැ.

එමෙන්ම කාම සූත්‍ර මුල් කෘතියේ සම ලිංගික සම්බන්ධතා සහ පුරුෂයන් අතර ඇතිවන ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධ සියලුම තොරතුරු බර්ටන්ගේ පරිවර්තනයේ දී ඉවත් කර ඇති බවයි පැවසෙන්නේ.

වර්තමානයේ ආගමික සංස්ථාවන් තුළ ලිංගික සංසර්ගය, කාමය සහ අනුරාගය ඉස්මතු කිරීම හෝ ඒ පිළිබඳ කතා කිරීම ප්‍රතික්ෂේප කරන වටපිටාවක් පැවතියත් ඉතා ඈත අතීතයේ ලියවුනු කෘතීන්හි එවැනි මාතෘකා විවෘතව කතාබස් කර ඇති බව ඔප්පු කරන හොඳම උදාහරණය ලෙස ‘කාමසූත්‍ර‘ ග්‍රන්ථය හැඳින්විය හැකියි.

ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේද අතීතයේ ලිංගිකත්වය සම්බන්ධයෙන් ඉතා නිදහස් සිතිවිලි හා හැසිරීම් වලට ඉඩ තිබූ බව අප සැවොම දන්නා කරුණක්.

එම මාතෘකාවන් පිලිබඳ කතිකාව යටපත් වූවේ බ්‍රිතාන්‍යයන් විසින් පෙරදිග රටවල වික්ටෝරියානු සංස්කෘතිය පැතිරවීමත් සමගයි. නමුත් දැන් ඔවුන් එය යල් පැන ගිය දෙයක් ලෙස පිළිගෙන ඇති අතර තවමත් එහි ඇති දෑ කර තබාගෙන යන්නේ අපයි.

ඉතින් ඒ පිලිබඳ කතිකාවතක් අප විසින් නැවතත් ඇති කළ යුතු නොවේද?


EmoticonEmoticon